දකුණු ඉරානයට ඇමරිකානු ප්රහාර එල්ල කිරීමෙන් පසු කලාපයේ ඇමරිකානු ගුවන් කඳවුරක් ඉලක්ක කරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පවසයි.
ඉලක්ක කළ හමදා කඳවුර කුමක්ද යන්න ඉරානය ප්රකාශ නොකළත් ඇමරිකානු කඳවුරක් පවත්වාගෙන යන කුවේටය පැවැසුවේ "සතුරු මිසයිල සහ ඩ්රෝන් තර්ජන" වළක්වා ගත් බවයි. කෙසේ වෙතත් එම ප්රහාර පැමිණියේ කොහෙන්ද යන්න කුවේටය සඳහන් නොකළේය.
මෙම නව ප්රහාර එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයකට තර්ජනය කරයි.දින තුනකින් එක්සත් ජනපදය
ඉරානයේ ඉලක්ක වලට පහර දුන් දෙවන අවස්ථාව මෙයයි